_
වෙසක් දිනය සැමරීම නොකළ තානාපති තයිපෝංගල් දිනය සමරයි

සෑම වසරකම ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නොකඩවා පවත්වාගෙන ආ වෙසක් දිනය ප‍්‍රථම වතාවට නොපවැත්වූ දයාන් ජයතිලක තානාපති තයිපෝංගල් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වූයේ ආගම් අතර සමඟිය බිඳ දැමීමේ පරමාර්ථයෙනි. 


ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවටද නිගා කරණ ලෙස හැසිරෙමින් ලංකාවේ ආගම් 4 ටම එක අයුරින් සැලකිය යුතුයයි ප‍්‍රකාශ කරමින් එයද කඩ කර, තමන්ගේ අන්තවාදී බව ප‍්‍රසිද්ධියේම පෙන්වා දෙමින් මේ කරණ ලද ක‍්‍රියාව ආගමික සහන ශීලිත්වය හා ආගම් අතර සමඟිය අගය කරණ සැම දෙනා තරයේ හෙලා දකිති. 


තානාපති කාර්යාලය ආරම්භයේ සිටම එහි තැන්පත් කළ බුදු පිළිමය හා බුද්ධ පින්තූරය පමණක් ඉවත් කර හින්දු ආගමේ එවා පමණක් තබා ගනිමින් ඔහු ප‍්‍රසිද්ධියේම අවිහිංසාව අගය කරණ සියළු සත්වයාටම මෛත‍්‍රීය කරන්නට උගන්වන බුදුන් වහන්සේට වෛර කරමින් හැසිරීම කෙතරම් නින්දා සහගතද? 

ලංකාවේ සංස්කෘතිය හෙලා දකින , සිංහල බසට අවනම්බු කරණ මේ අන්ධ බාල තානාපතියා ප‍්‍රංශය වැනි රටකට තබා සදාචාරය අගය කරණ කිසිදු නිලයකට සුදුසු නොවේ. ප‍්‍රංශයට එවා ඇති මේ අන්තවාදී තානාපති වරයා 2600 සම්බුද්ධ ජයන්තිය ලෝකය පුරා සියළුම තානාපති කාර්යාලවල අති උත්කර්ෂවත් ලෙස පවත්වද්දී තම තානාපති කාර්යාලයේදී මෙම උතුම් අවස්ථාව සැමරීම අත්හැර දැමීය. 

සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලොව තානාපති කාර්යාල වෙත ලබාදුන් බුදු පිළිම තැන්පත් කොට තානාපති කාර්යාලවල උත්සව පවත්වත්දී, ප‍්‍රංශයේ තානාපති කාර්යාලයට පමණක් මෙම බුදු පිළිමය නොලැබුණේ මොහුගේ විරෝධය නිසාද බවට කිසිදු සැකයක් නැත.

සිංහලයන්ගේ කිසිම දෙයකට සහභාගී නොවන මෙවන් මුග්ධ පුද්ගලයෙක් ප‍්‍රංශයට එවන්නට තරම් රට කරන්නෝ කටයුතු කළේ නම් ඔවුන් ගැන අපි කෙසේ සඳහන් කරම්ද. අදුරදර්ශී පාලනයේ තවත් නිර්ලජ්ජී ක‍්‍රියාවක් නිසා මෙම ක‍්‍රියාවට වග කිවයුත්තේ වර්තමාන පාලන තන්ත‍්‍රය මිස වෙන කිසිවෙක් නොවේ.


කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් සමඟ රහසිගතව සබඳතා පවත්වන බවට පවතින බවට තිබෙන කටකතාවල යම් සත්‍යයක් ඇතැයි යන්න මොහු ගෙනයන මෙම ක‍්‍රියා කලාපය තුලින් මනාව පැහැදිළිවේ. 


මුල පටන්ම බෙදුම් වාදයට පක්ෂවූ මෙම තානාපතිවරයා වර්ධරාජා පෙරුමාල්ගේ ඇමති මණ්ඩලයෙහි සිටිමින් වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවටද සහාය පල කළේය. බෞද්ධයන්ට පහර ගැසීමට යමක් කළ හැකි නම් ඔහු එය එක හෙලාම ප‍්‍රමාද නොවී සිදු කරන්නට සූදානම්ව සිටී.

- අමරත්න ගුණසේකර ප්‍රංශයේ සිට 

    Author

    Write something about yourself. No need to be fancy, just an overview.

    Archives

    January 2012

    Categories

    All

    RSS Feed